බංග්ලාදේශයේ ඊසානදිග ප්‍රදේශයේ සිදුවූ ද්විත්ව බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
සැකකටයුතු ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා එරට කමාන්ඩෝ භටයන් සිදුකළ මෙහෙයුමක් අතරතුර මහල් නිවාස සංකීර්ණයක් අසල මෙම පිපිරීම සිදුව තිබේ.
සැකකරුවන් හමුදාවට භාරවීම ප්‍රතික්ෂේප කිරීමත් සමග එහි සිටි සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් ඉවත්කිරීමට කොමාන්ඩෝ භටයන් කටයුතු කර තිබුණි.
කෙසේ වෙතත්, පසුව සිදුවූ මෙම ද්විත්ව බෝම්බ පිපිරීමත් සමග පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හා සාමාන්‍ය වැසියන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි.
මේ අතර, තවත් විශාල පිරිසක් පිපිරීම්වලින් තුවාල ලබා ඇති බවද බංග්ලාදේශ වාර්තා පෙන්වාදෙයි.
හමුදා හා සැකකරුවන් අතර වෙඩි හුවමාරුව සිදුවන අවස්ථාවේදී අසල විශාල ජනතාවක් රැඳී සිට ඇති අතර, එම අවස්ථාවේදී මෙම පිපිරීම් සිදුකර ඇති බව සඳහන් වෙයි.
මෙම ප්‍රහාරයේ වගකීම ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් භාරගෙන ඇති අතර, මෙය දකුණු ආසියානු කලාපයේ ඉස්ලාම් රාජ්‍ය ත්රස්තවාදයේ ගිණි පුපුරු මතුවන අවස්ථාවක් බව ආරක්ෂක විශේෂඥයෝ පෙන්වා දෙති.