බංග්ලාදේශයේ සුළුතර ජනවර්ග හා ආගමිකයන්ට එරෙහිව පසුගිය කාල පුරාවට සිදුවන අමානුෂික ඝාතන හේතුවෙන් සැකපිට ඉස්ලාමීය අන්තවාදීන් 900ක් අත්අඩංගුවට ගෙන තිබේ.
හදිසියෙන්ම රාත්‍රියක් පුරා සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව එරට පොලීසිය කියයි.
පසුගිය වසර කිහිපය තුළ එරට අධ්‍යාපනවේදීන්, බ්ලොග්කරුවන්, සුළුතර ආගමිකයන්, මෙන්ම ඉස්ලාම් අන්තවාදයට විරුද්ධව මත පළ කරන බොහෝ දෙනෙකු අමු අමුවේ මරා දැමුණි.
එම අමානුෂික පහරදීම්වල අවසන් සිදුවීම ලෙස පසුගියදා හින්දු ආගමික සිද්ධස්ථානයක ආවතේවකරුවෙකු ඝාතනයට ලක්විය.