බංග්ලාදේශය තුළ සිදුවන ඉස්ලාම් අන්තවාදී ප්රචණ්ඩත්වයේ අලුත්ම ගොදුර බවට හින්දු පූජකයෙකු පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
බටහිර ජෙනායිඩාහ් දිස්ත්‍රික්කයේ, සිය කෝවිලට ආසන්න කුඹුරක තිබියදී 70 වැනි වියෙහි පසුවූ ආනන්ද ගෝපාල් ගංගුලි නමැති පූජකවරයාගේ සිරුර හමුවී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර, ඔවුන් ගෙල සිඳ මෙම පූජක තැන ඉතා අමානුෂික ලෙස ඝාතනය කර ඇති බව පොලීසිය කියයි.
එමෙන්ම, ඔවුන්ගේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ බංග්ලාදේශය තුළින් බහුදේවවාදය අතුගා දමන තුරු දෙවියන්ගේ කැමැත්තට අනුව, මුජහිදීන්ලාගේ කිනිසි ක්‍රියාත්මක වනු ඇති බවයි.
මෑතකදී, එරට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ බිරිඳකද අන්තවාදීන්ගේ ගොදුරක් බවට පත්වූ අතර, අන්තවාදීන්ට එරෙහිව පරීක්ෂණ පවත්වන පොලීස් නිලධාරියාගෙන් පලිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බව පසුව ජිහාඩ් අන්තවාදීන් පවසා තිබුණි. මේ ආකාරයෙන් පසුගිය කාලය පුරාවට එරට සුළුතර ආගමික කොටස්, මාධ්‍යවේදීන් හා ක්‍රියාධරයන් රැසක් අන්තවාදීන්ට බිලිවූහ.