බංග්ලාදේශය තුළ මෙන්ම ලොව පුරා ක්‍රියාත්මක වන ඉස්ලාම් අන්තවාදය විවේචනය කළ බංග්ලාදේශයේ වෙබ් මාධ්‍යවේදියෙකු පිහි ඇනුමකින් හා පසුව සිදුකළ වෙඩි තැබීමකින් ඝාතනය කර තිබේ.
එරට ඩකා නුවර ජගන්නාත් විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ සිසුවෙකු වන නස්මුදීන් සමාද් නමැති ඝාතනය ලක්වූ තැනැත්තා නගරයේ වීදියක ගමන් කරමින් සිටියදී මෙම අන්තවාදී ප්‍රහාරයට ගොදුරුව ඇති බව පොලීසිය කියයි.
කෙසේ වෙතත්, සමාද්ගේ මරණය සම්බන්ධයෙන් සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා එරට විශ්වවිද්‍යාල රැසක සිසුන් වීදි බැස තිබුණු බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය වසරේදීද මේ ආකාරයෙන්ම අන්තවාදය විවේචනය කළවුන් පස් දෙනෙකු පමණ අන්තවාදී ඉස්ලාම් කණ්ඩායම් අතින් ඝාතනය වී තිබුණි.