බංග්ලාදේශ බ්ලොග්කරුවෙකු වූ අවිජිට් රෝයි ගෙල සිඳ ඝාතනය කළ ප්රධාන සැකකරුවෙකු වෙඩි තබා ඝාතනය කළ බව එරට පොලීසිය පවසයි.
එරට ඩකා අගනුවර ආසන්නයේදී පොලීසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී ෂරීෆ් නමැති මෙම තැනැත්තා ජීවිතක්ෂයට පත්ව තිබේ.
රෝයිගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ෂරීෆ් සහ තවත් පුද්ගලයන් හය දෙනෙකු පිළිබඳ පොලීසිය තොරතුරු සොයමින් සිට තිබුණි.
ඇමෙරිකානු-බංග්ලාදේශ සම්භවයක් තිබූ රෝයි බ්ලොග්කරුවෙකු මෙන්ම රචකයෙකු ලෙසද ප්රසිද්ධියක් ඉසිලීය.
පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී ඩකා පොත් ප්රදර්ශනය නරඹා යළි නිවෙස බලා පැමිණෙමින් සිටියදී පුද්ගලයන් කිහිප දෙනෙකු එකතුව රෝයි ගෙල සිඳ ඝාතනය කර තිබුණි.