බංග්ලාදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රධානියෙකුගේ බිරිඳ ඉස්ලාම් අන්තවාදීන් විසින් ඝාතනය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඉස්ලාම් අන්තවාදීන් විසින් මෑතකදී සිදුකළ ඝාතන සම්බන්ධයෙන් විමර්ෂණය කළ පොලිස් කණ්ඩායම්වල ප්‍රධානියෙකුගේ බිරිඳක් මෙසේ ඝාතනයට ලක්ව ඇත.
ඔහු බංග්ලාදේශය තුළ තහනම් කර ඇති ජමෙයතුල් මුජහිඩීන් සංවිධානය සම්බන්ධයෙන් මුල සිටම පරීක්ෂණ මෙහෙයවා ඇත්තෙකු බවද කියයි.
ඉස්ලාම් අන්තවාදීන් තිදෙනෙකු ඇය මරාදැමීමට පෙර ඇයට පිහි ඇණුම් සිදුකර පසුව වෙඩි තැබීමක්ද සිදුකර ඇති බවද කියැවෙයි.
බංග්ලාදේශය තුළ ඉස්ලාම් අන්තවාදීන්ගේ ක්‍රියා මේ වනවිට උත්සන්න වෙමින් පවතින අතර, අන්තවාදීන් විසින් අන්‍ය ආගමිකයන්, ක්‍රියාධරයන් හා මාධ්‍යවේදීන් ඝාතනය කරමින් සිටින බවද විදෙස් වාර්තා පවසයි.