පොලියෝ එන්නත් කරන්නන්ට ආරක්ෂාව සැපයූ පොලිස් නිලධාරීන් හත් දෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව පාකිස්තානයේ කරච්චි නුවරින් වාර්තා වෙයි.
යතුරුපැදිවල නැගී පැමිණි තුවක්කුකරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් මෙසේ පොලිස් නිලධාරීන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පෝලියෝ එන්නත් පාකිස්තාන දරුවන් වඳභාවයට පත් කිරීමේ බටහිර උපක්‍රමයක් ලෙස සලකා ඉස්ලාමීය අන්තවාදීන් විසින් මෙම ප්‍රහාර දියත් කරන බව එරට මාධ්‍ය පවසයි.
පසුගිය ජනවාරි මාසයේදීද පෝලියෝ එන්නත් මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.