ඉන්දුනීසියාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර මරණ දඬුවමට නියම වී ඇති විදෙස් ජාතිකයන් හා ඉන්දුනීසියානු ජාතිකයන් නව දෙනා හමුවීමට විදෙස් තානාපති නිලධාරීන්ට එරට රජය විසින් අවසරය ලබාදී තිබේ.
මේ අතර, එම රාජ්‍ය තාන්ත්‍රිකයන්ද බී.බී.සී.ය වෙත පවසා තිබුණේ තමන් නුසාකාබන්ගන් සිරකඳවුර වෙත යෑමේ බලාපොරොත්තුවෙන් සිටින බවයි.
මෙසේ මරණ දඬුවමට නියම වූවන් අතර, බාලි නයින් නමැති ප්‍රකට බාලි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුද වෙති.
මරණ දඬුවමට නියම වූ සෙසු පිරිස නයිජීරියානු, බ්‍රසීල, ප්‍රංශ ජාතිකයන්ගෙන් යුතු අතර, ඉන්දුනීසියානුවන්ද ඒ අතර වෙති.