පේරු ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම් අනුව ආර්ථික විශේෂඥ පේඩ්‍රෝ පැබ්ලෝ කුසින්ස්කි බහුතර ඡන්දයෙන් තේරීපත් වනු ඇති බව විදෙස් වාර්තා පවසයි.
පේරු මැතිවරණ කොමිසම පවසන්නේ පැබ්ලෝ 50.12% ක ඡන්ද ප්‍රතිශතයක් ලබද්දී, ඔහුගේ ප්‍රතිවාදියා වූ කෙයිකෝ ෆුජිමොරි 49.88% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති බවයි.
කෙසේ වෙතත්, නිල වශයෙන් ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කිරීමට පෙර ඡන්ද පත්‍රිකා 50,000ක් පමණ ඇති වූ දෝෂ නිරාකරණය කරගත යුතුව ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.