පෙම්වතියන් 17 දෙනෙකු ඇසුරු කර ඇති චීන ජාතිකයෙකු වංචා කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
හුනාන් ප්‍රාන්තයේ ජීවත් වූ මෙම පුද්ගලයා හදිසි අනතුරකින් රෝහල්ගත කළ අවස්ථාවේදී ඔහු බැලීමට පෙම්වතියන් සියලු දෙනා පැමිණීම හේතුවෙන් මෙම ආරවුල ඇති වී තිබේ.
මොහු මෙම පෙම්වතියන්ගෙන් මුදල් ලබාගෙන ඇති බවද චීන මාධ්‍ය වාර්තා කරන කරයි.
කෙසේ වෙතත්, මේ වනවිට එම කාන්තාවන් එකතුව පලිගැනීමේ එකමුතුව නමින් අන්තර්ජාල චැට් ගෘප් සකසා ඔහුට විරුද්ධව නැගී සිටින බව පැවසෙයි.
මොහුට දාව එක් කාන්තාවකට දරුවෙකුද සිටින අතර, ඔහු තවත් පෙම්වතියක් සමග විවාහ ගිවිස ගැනීමටද සූදානමින් සිට ඇති බවද කියයි.