(UPDATE) ඉරානයේ අසේමාන් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානය අනතුරට පත්වීමෙන් එහි ගමන්ගත් පුද්ගලයන් 66 දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉරානයේදී පුද්ගලයන් 60 දෙනෙකු රැගත් මගී ගුවන් යානයක් මධ්‍යම ඉරාන කඳුකර ප්‍රදේශයකදී අනතුරට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
ටෙහෙරාන් සිට නිරිතදිග යසූජ් නගරය වෙත පියාසර කරමින් තිබියදී සැග්රෝස් කඳුකර ප්‍රදේශයේදී මෙම යානය කඩා වැටී ඇති බව සඳහන් වෙයි.
එරට හදිසි සේවා මාධ්‍ය ප්‍රකාශක පවසා සිටියේ සියලු සහන කණ්ඩායම් මේ වනවිටත් සූදානමින් සිටින බවයි.
යානයේ පුද්ගලයන් 50 - 60ත් අතර පිරිසක් ගමන් කරන්නට ඇතැයි විශ්වාස කරන බවද හෙතෙම පවසා සිටියේය.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මුදාගැනීමේ හෙලිකොප්ටරයක් ඒ වෙත යැවීම පමා කර ඇති බව ඉරාන මාධ්‍ය පවසයි.
අසේමාන් ගුවන් සේවයට අයත් ATR 72-500 ලෙස මෙම යානය හඳුනාගෙන තිබේ.