මැදපෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය හෙවත් මර්ස් වෛරසයට ගොදුරු වූ තවත් පුද්ගලයෙකු පිලිපීනයෙන් වාර්තා වන බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.
ඔවුන් පෙන්වා දෙන පරිදි මොහු ඩුබායි හි සිට පැමිණි ව36 හැවිරිදි පුද්ගලයෙකි. මේ වනවිට ඔහු එරට මැනිලා නුවර ආසන්නයේ නිරෝධායන ඒකකයක් වෙත යොමුකර ඇති බවද සෞඛ්‍ය බලධාරීහු පවසති.
පසුගිය පෙබරවාරි මාසයේදී මැදපෙරදිග සිට පැමිණි පිලිපීන ජාතික හෙදියකද මර්ස් වෛරසයට ගොදුරුව සිටි අතර, පසුව ඇය සුවය ලැබුවාය.
මර්ස් වෛරසයට තවම නිශ්චිත ප්‍රතිකාරයක් සොයාගෙන නොමැති අතර, මේ වනවිට ලොව පුරා ඉන් මියගිය පිරිස 500ක් ලෙස තහවුරු වී තිබේ.