පිලිපීනයේ දකුණුදිග ප්‍රදේශයේ ඉස්ලාමීය අන්තවාදී සටන්කරුවන් සමග දරුණු සටන් හේතුවෙන් එරට හමුදා සොල්දාදුවන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පසුගිය සෙනසුරාදා ඇති වූ මෙම සටනින් තවත් සොල්දාදුවන් 50ක් පමණ තුවාල ලබා ඇති බවත්, මෙය බාසිලාන් දූපතේ අබු සයේෆ් සමාජික ත්රස්තයන් සමග ඇති වූ සටනක් බවත් කියැවෙයි.
එමෙන්ම, මෙම සටනේදී ත්රස්තයන් පස් දෙනෙකු සහ මොරොක්කෝ ජාතිකයෙකුද මියගොස් ඇති බවද පිලිපීන මාධ්‍ය පවසයි.
ඉරාකයේ හා සිරියාවේ ක්‍රියාත්මක අයි.එස්. ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානය සමග සෘජු සම්බන්ධතා පවත්වන අබු සයේෆ් අණදෙන නිලධාරියා ඉලක්ක කරමින් පිලිපීන හමුදා සිදුකළ මෙහෙයුමකදී මෙම දරුණු සටන ඇවිලී තිබේ.