පිලිපීනයේ සපත්තු කර්මාන්ත ශාලාවක සිදුවූ ගින්නෙන් මියගිය පිරිස 72ක දක්වා ඉහළ ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
පිලිපීනයේ අගනුවර වන මැනිලා හි පිහිටි මෙම සපත්තු කර්මාන්ත ශාලවේ ආරක්ෂක ක්‍රමවේදවල පැවති දුර්වලතා හේතුවෙන් මෙම ගින්න ඇති වී තිබෙන බව පොලීසිය පවසයි.
එහි වෙල්ඩින් කටයුත්තක් සිදුකරමින් තිබියදී ඉන් නිකුත් වූ ගිනි පුපුරක් මෙම ගින්නට හේතුව වී ඇති අතර, ගොඩනැගිල්ලේ වූ රසායනිකයන්ට පසුව ගිනි ඇවිලීමෙන් ගින්න පැතිරී තිබේ.