ජීවිත 56ක් බිලිගනිමින් පිලිපීනයේ, ලෙයිටේ වෙරළ තීරයේදී අනතුරට පත් මගී යාත්‍රාවේ හිමිකරුට හා කාර්ය මණ්ඩලයට එරෙහිව එරට පොලීසිය මනුෂ්‍ය ඝාතන චෝදනා යටතේ නඩු පවරා තිබේ.
පුද්ගලයන් 173 දෙනෙකු රැගෙන යාත්‍රා කරමින් තිබියදී පසුගිය බ්‍රහස්පතින්දා ඔර්මෝක් වරාය ආසන්නයේදී මෙම යාත්‍රාව අනතුරට පත්ව උඩු යටිකුරු වී ගියේය.
යාත්‍රාවේ කාර්ය මණ්ඩලයේ දෝෂයක් සහ පමණට වඩා මගීන් පටවාගෙන යෑම අනතුරට හේතුව වන්නට ඇති බව පොලීසිය විශ්වාස කරයි.
කෙසේ වෙතත්, යාත්‍රාවේ පමණට වඩා මගීන් සිටියේ යැයි යන අදහස ප්‍රතික්ෂේප කරන බවත්, විශාල මුහුදු රළකට හසුවීමෙන් යාත්‍රාව පෙරළී ගොස් ඇති බවත් එහි හිමිකරු පවසන බව පිලිපීන මාධ්‍ය වාර්තා කරයි.