පිලිපීනයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සොයා සිදුකළ සෝදිසි මෙහෙයුමකදී වැඩිම පිරිසක් මරා දැමුණු රාත්‍රිය ඊයේ දිනයේ ගෙවී ගිය බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, මත්ද්‍රව්‍ය ජාවාරම් පිටුදැකීමේ අරමුණින් සිදුකළ පොලිස් මෙහෙයුමේදී පොලිස් වෙඩි පහරින් පුද්ගලයන් 32 දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි.
අඟහරුවාදා දිනයේදී පැය 24ක කාලයක් පුරා පැවති මෙම මෙහෙයුම උතුරුදිග මැනිලා අගනුවර, බුලාකාන් ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සිදුකර තිබුණි.
පොලීසිය පවසන්නේ මියගිය සියලු දෙනා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවයි. ඔවුන් ආයුධ සන්නද්ධව හා ආරක්ෂකයන් පිරිවරා සිටින බවද පොලීසිය කියයි.
පිලිපීනයේ වත්මන් ජනපති රොඩ්රිගෝ ඩුටාර්ටේ 2016 වසරේදි බලයට පත්වූයේ එරට මත්ද්‍රව්‍ය උවදුර සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දමන බව පවසමිනි.
ඒ අනුව, ජනපති පුටුවේ වාඩි වූ දින සිටම ජනපති ඩුටාර්ටේගේ අණින් දහස් ගණන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සැකකරුවන් මරා දැමුණි.
ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාව බටහිර රටවල් දැඩිව විවේචනය කළ අතර, ඔහු මානව හිමිකම් උල්ලංඝනය කරන්නෙකු බවද කීය.
නමුත්, ඩුටාර්ටේ ඒ කිසිවක් මායිම් නොකර තම මෙහෙයුම් දිගින් දිගටම සිදුකිරීමට අණ කරනු ලැබීය.
අඟහරුවාදා දිනයේ සිදුවූ විශේෂ මෙහෙයුම මධ්‍යම රාත්‍රියේ සිට පසුදා මධ්‍යම රාත්‍රිය දක්වා දිගහැරුණු අතර, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හා ආයුද ළඟ තබාගැනීම සම්බන්ධයෙන් තවත් 100කට අධික පිරිසක් අත්අඩංගුවට පත්විය.