පිලිපීනයේ පුද්ගලයන් 251 දෙනෙකු රැගත් මගී යාත්රාවක් පෙරලීමෙන් පුද්ගලයන් රැසක් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විශ්වාස කෙරෙයි.
පිලිල්ලෝ දූපත් ආශ්රිතව සිදුවූ මෙම අනතුර සිදුවන අවස්ථාවේදී මුහුද දැඩි රළු ස්වභාවයක් ගෙන තිබූ බවත්, ඒ සමග ඇති වූ දැවැන්ත මුහුදු රළ හේතුවෙන් මෙම යාත්රාව පෙරළී ඇති බවත් කියැවෙයි.
ප්රදේශයේ ධීවර යාත්රා සහ මුදාගැනීමේ බෝට්ටු මගින් පුද්ගලයන් රැසක් බේරාගැනීමට කටයුතු කර තිබුණත්, මළ සිරුරු කිහිපයක්ද සොයාගැනීමට හැකිවී තිබේ.
කෙසේ වෙතත්, පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම් දුෂ්කර වී ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
මෙම යාත්රාව තුළ පුද්ගලයන් 280 දෙනෙකුට ගමන් කිරීමේ හැකියාව පවතින නිසා අනතුර සිදුවන අවස්ථාවේදී එහි ප්රමාණය ඉක්මවා පුද්ගලයන් පිරිසක් නොසිටි බවද විශ්වාස කෙරෙයි.