පිලිපීනයේ ක්රියාත්මක අබු සයේෆ් ඉස්ලාම් අන්තවාදීන් විසින් ප්රාණ ඇපයේ රඳවාගෙන සිටි කැනේඩියානු ජාතික රොබට් හෝල් ඝාතනය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
පසුගිය සැප්තැම්බර් මාසයේදී එම සංවිධානය විසින් මොහු පැහැරගනු ලැබුවේ තවත් කැනේඩියානු ජාතිකයන් තිදෙනෙකු සමගිනි.
එම ත්රස්ත සංවිධානය ඉල්ලා සිටි කප්පම් මුදල වෙනුවෙන් ලබාදී තිබූ කාලසීමාව ඉක්මවා යාමෙන් මොහු මරා දමා ඇති බවත් කියැවෙයි.
මේ අතර, කැනේඩියානු අග්රාමාත්ය ජස්ටින් ටෘඩර් ප්රකාශයක් කරමින් පවසා ඇත්තේ රොබට් හෝල් පැහැරගත් ඉස්ලාම් අන්තවාදීන් විසින් ඔහු මරා දමන්නට ඇති බවට විශ්වාස කරන බවයි.