ඉන්දියාව පුරා බාලවයස්කාර ළමයින් පැහැරගැනීම දරුණු ඛේදවාචකයක් වී ඇති බවත්, මෙසේ පැහැගත් දරුවන්ගෙන් ලක්ෂ හතරකට අධික ළමයින් ගණික වෘත්තියේ හා කම්කරු සේවයේ යොදවා ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
බොහෝ විට ඉන්දියාවේ ගම්බද පළාත්වලින් මේ ආකාරයෙන් බාලවයස්කරුවන් පැහැරගන්නා අතර, එවැනි පළාත්වල වැඩිහිටියන්ට නගරය පිළිබඳ අවබෝධයක් නොතිබීම හා නීතිමය පිළිසරණක් සෙවීමට තරම් අවබෝධයක් නොමැති වීමෙන් මේ දරුවන් වැඩි පරිසක් අකාලයේ මිලිනව යන බව පැවසෙයි. එසේ පැහැරගනු ලැබූ දරුවෙකුගෙන් සොයාගත් දරුවෙකු සිටී නම් ඒ 1% කටත් වඩා අඩු ප්රතිශතයකි.
එමෙන්ම, පැහැරගන්නා ළමයින්ව බලහත්කාරයෙන්ම මෙවැනි වෘත්තීන්හි යොදවමින්, අතරමැදියන් විසින් මුදල් ගරන බවද කියැවෙයි.
ස්ත්‍රී දූෂණ අතින්ද ලොවපුරා නමක් දිනාගනිමින් සිටින ඉන්දියාව එවැනි අපරාධ වෙනුවෙන් නීතිය දැඩි නොකිරීම ගැනද ඉන්දියාව තුළ මේ වනවිට මහත් ආන්දෝලනයක් ඇති වී තිබේ. එවැනි තත්ත්වයක ළමා ආරක්ෂණ නීතිරීතිද ශක්තිමත් නොවීම නිසා ළමා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්රියාකාරීන්ටද මෙවැනි තත්ත්වයන් වෙනුවෙන් මැදිහත්වීමේ ඉඩකඩ සීමා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.