IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ගේ කුළු ගෙඩියට යට වූ යුනෙස්කෝ ලෝක උරුම නගරයක් වන සිරියාවේ පැල්මයිරාව යළි සම්පූර්ණයෙන් අත්පත් කරගැනීමට එරට ආරක්ෂක අංශ අද (27දා) සමත් විය.
සිරියානු රජයේ හමුදාව, රජයේ හමුදාවට පක්ෂපාතී සටන් කණ්ඩායම් එකතුව ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් නැගෙනහිර අල්-ඉඛාබ්රියා පළාත දක්වා පළහා හැරීමට සතව් වූ බව එරට රජයේ මාධ්‍ය අනාවරණය කරයි.
මේ අතර, මෙම මෙහෙයුම වඩාත් වේගවත් වීම සඳහා රුසියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක ශක්තියද හේතු වූ බව විදෙස් වාර්තා පවසයි.
පසුගිය වසරේ මැයි මාසයේදී ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ගේ අතට පත්වූ පැල්මයිරා නගරයේ මිල කළ නොහැකි ලෝක උරුම ගොඩනැගිලි කිහිපයක් ඩයිනමයිට් දමා පුපුරුවා හැරීමටත්, තවත් ප්‍රතිමා රැසක් කුළුගෙඩි පහරින් විනාශ කිරීමටත් මෙම ම්ලේච්ඡ ත්රස්තයන් කටයුතු කර තිබුණි.
කෙසේ වෙතත්, මේ වනවිට ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ට එරෙහිව ලොව පුරා පැන නැගී ඇති දැඩි විරෝධය හමුවේ සිරියානු රජයේ හමුදාවද වඩාත් ප්රබලව ත්රස්තයන්ට එරෙහිව ක්‍රියාත්මක වෙමින් පවතින බව විදෙස් වාර්තා පවසයි.