පැරීසියේදී හමුදා සාමාජිකයන් වෙතට ධාවනය වූ මෝටර් රථයක් හේතුවෙන් 6 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් විදෙස් වාර්තා පවසයි.
නිරිතදිග ප්රංශයේ ලෙවාලොයිස් පරේට් ප්රදේශයෙන් වාර්තා වන මෙම සිද්ධිය හිතාමතා සිදුකළ ත්රස්ත ප්රහාරයක් විය හැකි බවට පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබේ.
කෙසේ වෙතත්, රථයේ රියදුරු මේ වනවිට සිද්ධිය වූ ස්ථානයෙන් පළාගොස් ඇති අතර, ඔහු සොයා පොලීසිය මෙහෙයුම් අරඹා ඇති බවද විදෙස් වාර්තා පවසයි.
නගරයේ මුර සංචාරයේ නිරත හමුදා සෙබළුන් පිරිසක් ඉලක්ක කරමින් මෙම මෝටර් රථ කඩා වැදීම සිදුකර ඇති අතර, ප්රංශය ඉලක්ක කරමින් පසුගිය කාලය පුරා එල්ල වූ ඉස්ලාමීය ජිහාඩ් ත්රස්ත ප්රහාර මාලාවෙන් පසුව එරට පවතින හදිසි තත්ත්වය යටතේ මෙම මුර සංචාර නිතිපතා සිදුවෙයි.