පැරිස් ප්රහාරයේ ප්රධාන සැකකාර සලේහ් අබ්දෙස්ලාම් පසුගියදා ප්රථම වරට අධිකරණය හමුවට පැමිණවූ අවස්ථාවේදී ඔහු මුණිවත රකිමින් නිහඬව සිටි බව විදෙස් වාර්තා පවසයි.
ඔහුට චෝදනා ගොනුකිරීම සඳහා පැවති මෙම අධිකරණය මහජනතාවට විවෘත නොවූ අතර, එහිදී, ඔහු කිසිදු වචනයක් පිට කිරීමෙන් වැළකී සිටි බව විත්තියේ නීතීඥයෝ කියති.
පුද්ගලයන් 130 කට මරු කැඳවමින් ප්රංශයේ පැරිස් නගරය පුරා ස්ථාන කිහිපයකදී එල්ල කෙරුණු මෙම ත්රස්ත ප්රහාරය සැලසුම් කිරීම මෙන්ම, ඊට ප්රහාරකයන් ප්රවාහනය කිරීම සම්බන්ධයෙන් ඔහු සෘජුවම සම්බන්ධ බවට ආරක්ෂක අංශ විශ්වාසය පළ කරයි.
කෙසේ වෙතත්, මෙම ප්රහාරයේදී ඔහුගේ සාහෝදරයා මරාගෙන මැරෙන ප්රහාරයක් දියත් කරමින් ජීවිතක්ෂයට පත්විය.