පැරීස් නගරය වෙත පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී එල්ල කළ අයි.එස්. ඉස්ලාම් රාජ්ය ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සලේහ් අබ්දේස්ලාම් ප්රංශයට පිටුවහල් කිරීමට බෙල්ජියම් අධිකරණය අවසර දී තිබේ.
මෙම මස මුලදී බ්රසල්ස් හිදී අත්අඩංගුවට පත් අබ්දේස්ලාම් පුද්ගලයන් 130 දෙනෙකුට මරු කැඳවූ එම ප්රහාරයේ මහ මොළකරුවෙකු ලෙස සැලකුණි.
විශේෂ මෙහෙයුමකින් පසුව අබ්දේස්ලාම් අත්අඩංගුවට පත්වූ අතර, ඔහුගේ අත්අඩංගුවට පත්වීමෙන් දින හතරකට පසුව බ්රසල්ස් නගරය වෙතද දරුණු ත්රස්ත ප්රහාරයක් එල්ල විය.
කෙසේ වෙතත්, ඔහුට විරුද්ධව ඇති චෝදනා ගොනුවීම සඳහා මෙම පිටුවහල් කිරීම කවරාකාරයෙන් සිදුවිය යුතුද යන්න පිළිබඳව ප්රංශ සහ බෙල්ජියම් බලධාරීන් වැඩිදුරටත් සාකච්ඡා කරනු ඇති බවද කියැවෙයි.