ප්‍රංශයේ, පැරිස් නගරයට පැය දෙකක කාලයක් තුළ ඇද හැලුණු ධාරාණිපාත වාර්ෂාව නිසා උමං මාර්ග පද්ධති ඇතුළු බොහෝ ජනාකීර්ණ ප්‍රදේශ ජලයෙන් යට වී තිබේ.
මිලිමීටර් 54ක් ලෙස සටහන් වූ වර්ෂාව සාමාන්‍ය දින 27ක වර්ෂාවක් බව පෙන්වාදෙන කාලගුණ අංශ, පැයක් තුළ පමණක් මිලිමීටර් 49.2ක වර්ෂාපතනයක් ලැබී ඇති බවත්, එය ජූලි මාසයේදී ප්‍රංශ අගනගරයට ඇද හැලුණු වාර්තාගත වර්ෂාවක් බවත් අනාවරණය කරයි.
මෙම ධරාණිපාත වර්ෂාව නිසා පැරීසියේ මෙට්‍රෝ උමං දුම්රිය ස්ථාන 20ක් වසා දමා ඇති අතර, මේ නිසා සඳුදා දිනයේදී බොහෝ දෙනෙකුට රැකී රක්ෂාවල යෑමටද නොහැකි වූ බවද කියැවෙයි.
මේ අතර, ස්විට්සර්ලන්තයෙ කොටසකටද බලපෑ දැඩි සුළං තත්ත්වයක් හා අධික වර්ෂාවක් නිසා සති අන්තයේදී එහිද යම් යම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් හටගෙන තිබුණි.
.jpg)
.jpg)