පැසිෆික් සාගරයේ පිහිටි පැපුවා නිව්ගිනියා දූපතේ රික්ටර් පරිමාණ 6.3ක භූ කම්පනයක් ඇති වී තිබෙන බව විදෙස් වාර්තා පවසයි.
ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව අද අලුයම් කාලයේදී මෙම භූ කම්පනය ඇති වී තිබේ.
රබාවුල් නගරයට කිලෝමීටර් 169ක් ගිණිකොණදිගින් කිලෝමීටර් 45ක් ගැඹුරින් මෙම භූ කම්පනයේ අපිකේන්ද්‍රය පිහිටා ඇති බවත් එම සමීක්ෂණ ආයතනය පවසයි.
කෙසේ වෙතත්, භූ කම්පනයෙන් සිදුවූ අලාභානී පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.