පැපුවා නිව් ගිනියාවේ ක්‍රියාත්මක විවාදයට තුඩුදුන් ඔස්ට්‍රේලියාවට අයත් අනවසර සංක්‍රමණික රැඳවුම් කඳවුර ඉවත් කරගැනීමට ඔස්ට්‍රේලියාව කැමැත්ත පළ කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් පැපුවා නිව් ගිනියා අග්‍රාමාත්‍ය පීටර් ඔ'නෙයිල් පවසා ඇත්තේ තමාට ඔස්ට්‍රේලියානු ආගමන විගමන අමාත්‍ය පීටර් ඩටන් හමුවූ බවයි.
ඒ අනුව, පැපුවා නිව් ගිනියා සහ ඔස්ට්‍රේලියානු රාජ්‍යයන් මානූස් දූපතේ පිහිටි මෙම සංක්‍රමණික කඳවුර ඉවත්කර ගැනීමට එකඟත්වයකට පැමිණි බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
මෙම සංක්‍රමණික කඳවුරේ අනවසර සංක්‍රමණිකයන් හා සරණාගතයන් රැඳවීම පැපුවා නිව් ගිනියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය අප්‍රේල් මාසයේදී නිවේදනය කරනලදී.
මෙම මානූස් දූපත් කඳවුරේ මේ වනවිට අනවසර සංක්‍රමණිකයන් 854 දෙනෙකු රැඳී සිටින අතර, එම කඳවුර ක්ෂණිකව වසා නොදමන බව ඔස්ට්‍රේලියානු ආගමන විගමන අමාත්‍යවරයා පවසා සිටී.
