පාර්ලිමේන්තුවේ මවුකිරි දුන් ඔස්ට්‍රේලියා මන්ත්රීනී ඉවතට
පාර්ලිමේන්තුවේදී තම බිළිඳාට මවුකිරි දෙමින් සභාවාරයට සහභාගී වීම නිසා ප්‍රසිද්ධියට පත් ඔස්ට්‍රේලියානු සෙනට් සභික ලාරීසා වෝටර්ස් ද්විත්ව පුරවැසිභාවයක් හේතුවෙන් සිය මන්ත්‍රී ධුරයෙන් ඉවත්ව තිබේ.
වාමාංශික හරිත පක්ෂය නියෝජනය කරන ඇය කැනඩාවේ උපත ලැබූ අයෙකි.
ඔස්ට්‍රේලියානු ව්‍යවස්ථාව අනුව, කිසිවෙකුට එරට පාර්ලිමේන්තුව තුළ ද්විත්ව හෝ ඊට වැඩි පුරවැසිභාවයක් සහිතව කටයුතු කිරීමට අවස්ථාව හිමි නොවෙයි.
පසුගිය සිකුරාදා දිනයේ සිට ද්විත්ව පුරවැසිභාවයක් හේතු කොටගෙන සිය මන්ත්‍රී ධුරය අහිමි වූ දෙවැනි සෙනට් සභිකයා ලෙස වෝටර්ස් පත්වන අතර, ඊට පෙර ඇය නියෝජනය කරන හරිත පක්ෂයේම ස්කොට් ලවුඩ්ලැම්ටද ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් සිය මන්ත්‍රී ධුරය අහිමි විය. ඔවුන් දෙදෙනාම එම පක්ෂයේ නියෝජ්‍ය නායකයන් දෙදෙනෙකු වීමද විශේෂත්වයකි.
පසුගිය මැයි මාසයේදී, ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව තුළ මවුකිරි ලබාදුන් ප්‍රථම මන්ත්‍රීවරිය ලෙස වාර්තා අතරට ගියේද වෝටර්ස් ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

