පාර්ලිමේන්තු අසුනේ සිට මව්කිරි දීමේ සම්ප්රදායක්
ඔස්ට්‍රේලියානු සෙනට් සභික ලරිස්සා වොටර්ස් එරට පාර්ලිමේන්තුවේ සැසිවාරයක් අතරතුර මන්ත්‍රී අසුනේ සිට තම බිළිඳාට මව්කිරි ලබාදෙමින් ඉතිහාසගත වී තිබේ.
ඒ එවැනි ක්‍රියාවක් සිදුකළ ඔස්ට්‍රේලියාවේ පළමු වැනි මන්ත්‍රීවරිය ලෙසිනි. ඇය සිය මාස දෙකක් වයසැති දියණියට පාර්ලිමේන්තුව තුළදීම මව්කිරි ලබාදී තිබුණේ ඡන්ද විමසීමක් අතරතුරය.
ඇය ඔස්ට්‍රේලියාවේ හරිත පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරියක් වන අතර, පසුගිය වසරේ සිට එරට පාර්ලිමේන්තුව තුළ මෙවැනි ක්‍රියාවකට නීතිමය අවසර තිබුණත් මේ දක්වා එය කිසිවෙකුත් ක්‍රියාවට නංවා නොතිබුණි.
රාජකාරී කටයුතු අතපසුවීම වළක්වා ගැනීමට තම දරුවාට මව්කිරි දොවාතබා පාර්ලිමේන්තුවට පැමිණන බව එවකට මන්ත්‍රීවරියක වූ කෙලී ඕඩ්වයර් කර ඉල්ලීමකුත්, පසුව ඒ සමග ඇති වූ කතාබහත් මූලික කරගනිමින් මන්ත්‍රීවරියන්ට සිය බිළිඳු දරුවා සමග පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමටත්, අවශ්‍ය විටෙක මව්කිරි පෙවීමටත් අවශ්‍ය නීති සම්පාදනය කර තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

