මියන්මාරය වෙත සපැමිණි ප්රථම පාප් වහන්සේ ලෙස පළමු වැනි ෆ්රැන්සිස් පාප් වහන්සේ එරට සංචාරයක් ආරම්භ කර තිබේ.
රොහින්ග්යා මුස්ලිම් අර්බුදය පවතින අවස්ථාවේදී පාප් වහන්සේ මෙම සංචාරය ආරම්භ කිරීම විවාදයට තුඩුදී ඇති අතර, මියන්මාර සංචරයෙන් පසුව පාප් වහන්සේ බංග්ලාදේශයට ගොස් රොහින්ග්යා පිරිසක් හමුවීමට සූදානමින් සිටින බවද වාර්තා වෙයි.
ඒ අනුව, මෙම මියන්මාර සංචාරයේදී පාප් වහන්සේ රොහින්ග්යා නම පාවිච්චි කරන්නේ නම් එය යම් ආකාරයකින් එරට තුළ සිටින බහුතර බෞද්ධයන් කුපිත කිරීමේ අවස්ථාවක් වනු ඇති බවද මියන්මාර රජය පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත්, මෙම සංචාරයේදී පාප් වහන්සේ මියන්මාරයේ නිල නොලත් නායිකා අවුන්ග් සාන් සුඛී මෙන්ම, හමුදා ප්රධානීන් සමගද සාකච්ඡා කිරීමට සූදානමින් සිටියි.