පාප් තුමන් බංග්ලාදේශයේදීත් රොහින්ග්‍යා නම භාවිත නොකරයි
මියන්මාර සංචාරයෙන් පසුව සිය බංග්ලාදේශ සංචාරය ආරම්භ කළ පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් තුමන්, මියන්මාරයෙන් පළා ආ ඉස්ලාමීය සරණාගතයන් වෙනුවෙන් එරට ගත් ප්‍රතිචාරය ඇගයීමට ලක්කළද රොහින්ග්‍යා යන නමින් එම පිරිස හැඳින්වීමෙන් වැළකී සිට ඇත.
මේ අතර, මියන්මාර සංචාරය තුළදීද පාප් තුමන් රොහින්ග්‍යා යන නම භාවිත නොකිරීමට වගබලාගත් අතර, ඒ ඔස්සේ රොහින්ග්‍යා පිරිස එරට ජීවත්වූ ජනවර්ගයක් ලෙස හැඳින්වීමෙන් වැළකී සිටීමට පාප් තුමන් කටයුතු කර ඇති බවට ඇතැම් කණ්ඩායම් පාප් තුමන්ට චෝදනා කර තිබේ.
මේ අතර, බංග්ලාදේශයේදී මියන්මාරයෙන් පැමිණි සරණාගතයන් පිරිසක් මුණ ගැසීමටද පාප් තුමන් කටයුතු කර තිබුණත්, එතුමන්ගේ බංග්ලාදේශ සංචාරයේදී වඩාත් අවධානයට යොමුව තිබුණේ බහුතර මුස්ලිම් පිරිසක් ජීවත්වන බංග්ලාදේශයේ අන්තවාදීන්ගෙන් පහරකෑමට ලක්වන කිතුණුවන් සහ වෙනත් සුළුතර ජනකොටස් ගැනය.
මියන්මාරයට සාපේක්ෂව බංග්ලාදේශය තුළ ජීවත්වන කතෝලිකයන් පිරිස සීමිත වන අතර, එය ප්‍රතිශතයක් ලෙස 0.2% කි.
එය ප්‍රබල බෞද්ධ රාජ්‍යයක් වන මියන්මාරයේ තරම් කිතුණුවන්ට නිදහසේ ජීවත්වීමට පරිසයක් බංග්ලාදේශය තුළ නොමැතිවීම ප්‍රකට කරන්නක් බවද විදෙස් වාර්තා පවසා ඇත.
සමස්තයක් ලෙස බංග්ලාදේශයේ ජීවත්වන කිතුණු ජනගහනය ලක්ෂ 3.5ක් පමණ වන අතර, ඔවුන් නිරන්තරයෙන් ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම්වල පහරකෑමට ලක්වන බව කියැවෙයි.
ෆ්‍රැන්සිස් පාප් තුමන් එරටට ළඟාවූ දිනට පෙර දිනද කතෝලික පූජකතුමෙකු අතුරුදන් වූ අතර, එය පසුගිය වසරේදී කිතෝලිකයෙකු පහරදී ඝාතනය කළ ගම්මානයේදීම සිදුවී ඇති බවද කියැවෙයි.
මෙසේ අතුරුදන් වූ පියතුමා ෆ්‍රැන්සිස් පාප් තුමන් හමුවීම සඳහා ඩකා නුවරට කතෝලිකයන් කැඳවාගෙන පැමිණීමේ සංචාරයක් සංවිධානය කිරීම මෙම අතුරුදන්වීමට හේතු වන්නට ඇති බව කියැවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


