පාද තුනක් ඇතිව මෙළොව එළිය දුටු බංග්ලාදේශ දැරියකට ඔස්ට්‍රේලියාවේදී සාර්ථක සැත්කමක් සිදුකරමින් ඇගේ එක් පාදයක් ඉවත්කර තිබේ.
චෝටි ඛාටන් නමැති තුන් හැවිරිදි දැරිය මෙම අසාමාන්‍ය තත්ත්වයට පත්ව ඇත්තේ ඇයගේ කලව ආශ්‍රිතව තවත් නිවුන් දරුවෙකුගේ කොටසක් සමග ඇය ගර්භාෂය තුළ වර්ධනය වීම තුළිය.
කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියානු ශල්‍ය වෛද්‍යවරුන් මාස ගණනාවක් පුරා සිදුකළ අධ්‍යයනයන්ගෙන් පසුව ඇයගේ මෙම අමතර පාදය ඉවත් කරමින්, ඇයගේ කලව ආශ්රිත ප්‍රදේශය සාමාන්‍ය තත්ත්වයට ගෙන තිබේ.
චිල්ඩ්රන් ෆස්ට් පදනම විසින් මෙම දැරිය ඔස්ට්‍රේලියාවට රැගෙන විත් මෙම ශල්‍යකර්මය සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත.
