පාකිස්තානයේ දකුණුදිග ස්න්ධා ප්රාන්තය පුරා පැතිර යන හදිසි උණුසුම් වායු ධාරා හේතුවෙන් පුද්ගලයන් 700ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
එරට ආපදා කළමනාකරණ අධිකාරිය පෙන්වා දෙන්නේ මීට ක්ෂණික ප්රතිචාර දක්වන ලෙස අග්රාමාත්ය නවාස් ෂරීෆ් මහතා උපදෙස් ලබාදී ඇති බවයි.
මේ අතර, දැඩි උණුසුමින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා හමුදාව යොදවා ඇති බවද විදෙස් වාර්තා පවසයි.
මියගිය පිරිසෙන් වැඩි පිරිසක් වැඩිහිටියන් වන අතර, ඔවුන් අඩු ආදායම් ලාභී පවුල්වල ජනතාව බවද කියැවෙයි.
මේ ආකාරයෙන්ම, ඉන්දියාව පුරා පැවති උණුසුම් කාලගුණයෙන්ද මීට පෙර විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.