පාකිස්තානයේ ලාහෝර් නගරයට ආසන්න කුඩා නගරයකදී ක්රිස්තු භක්තික යුවළක් ඝාතනය කිරීමට සම්බන්ධ බවට චෝදනා ලැබූ හතළිහකට වැඩි පිරිසක් පකිස්තාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
ශුද්ධ වූ කුරානයේ පිටපතක් කෙළසූ බවට චෝදනා කරමින් සිය ගණනක් වූ ප්රදේශවාසීන් විසින් එම ක්රිස්තු භක්තික යුවළට පහරදී මරා දමා ඇති බව බී.බී.සී.ය පවසයි.
ඉන් නොනැවතුණු ඝාතකයන් මෙම යුවළ මරා දැමීමෙන් පසු එම මළ සිරුරු ඔවුන් දෙදෙනා කම්කරුවන් ලෙස සේවය කළ ගඩොල් පෝරණුව තුළට දමා පුළුස්සා ඇති බවත් කියැවෙයි.
මේ ඝාතනයට විරෝධය පළ කරමින් විශාල පිරිසක් ලාහෝර් නගරයේදී විරෝධතාවකටද එක්ව සිටි බව කියැවෙයි.