පාකිස්තානයෙන් ලාදුරු රෝගය තුරන් කිරීමට කටයුතු කළ පාකිස්තාන තෙරේසා මව්තුමිය යන විරුධාවලිය ලැබූ ජර්මානු ජාතික වෛද්‍යවරිය, රූත් ෆෝව් 87 වැනි වියෙහිදී සිය දිවියෙන් සමුගෙන ඇත.
පාකිස්තානයේ කරච්චි නුවර රෝහලකට ඇතුළත් කිරීමෙන් පසුව ඇය ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වෙයි.
පාකිස්තානය තුළ වර්ෂ 1960 දශකයේදී ලාදුරු රෝගය හඳුනාගන්නා ඇය රට පුරා සායන පවත්වමින් එරටින් ලාදුරු තුරන් කිරීම සඳහා කටයුතු කරයි.
ඇයගේ එම උත්සාහයේ ප්‍රතිපලයක් ලෙසම වර්ෂ 1996 දී පාකිස්තානය ලාදුරු රෝගය සම්පූර්ණයෙන්ම පාලනය කළ රටක් ලෙස නම් කෙරෙයි.
මෙම මරණය සැලවීමත් සමග ප්‍රකාශයක් සිදුකර ඇති පාකිස්තාන අගමැති ෂහීඩ් අබ්බාසි පවසා සිටියේ, ඇය ජර්මනියේ ජන්මය ලැබුවත්, ඇගේ හදවත සැමදා පාකිස්තානයේ රැඳුණු බවයි.