පාකිස්තානය තුළ උපත් පාලනය සම්බන්ධ රූපවාහිනී දැන්වීම් ප්‍රචාරය කිරීම වළක්වමින් එරට බලධාරීන් විසින් වාරණයක් පනවා තිබේ.
පාකිස්තානයේ විද්‍යුත් මාධ්‍ය පාලන අධිකාරිය හෙවත් පෙම්රා ආයතනය විසින් පෙන්වා දෙන්නේ මෙම දැන්වීම් හරහා කුඩා දරුවන් තුළ අනවශ්‍ය කුතුහලයක් අති කරන බවට වූ චෝදනා සලකා බලමින් මෙම තහනම සිදුකළ බවයි.
සාමාන්‍යයෙන් ගතානුගතික අදහස් දක්වන රාජ්‍යයක් ලෙස පාකිස්තානය තුළ මෙවැනි දැන්වීම් කලාතුරකින් දැකිය හැකිය.
පසුගිය වසරේදීද කොන්ඩම් දැන්වීමක් එරට තුළ තහනම් කෙරුණේ එය සදාචාරත්මක නොවන දැන්වීමක් බව පවසමිනි.