පාකිස්තානයේ ලාහෝර් නගරයේ ක්රිස්තියානු ජනයා ඉලක්ක කරමින් එල්ල වූ තලේබාන් ප්රහාරයෙන් පසුව ලොව පුරා ආරක්ෂක බුද්ධි අංශ සමග වඩාත් සමීපව කටයුතු කරමින් ත්රස්තවාදය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව අගමැති නවාස් ෂරීෆ් අවධාරණය කර තිබේ.
එරට ආරක්ෂක ප්රධානීන් සමග හදිසි සාකච්ඡාවක් පවත්වා ඇති ෂරීෆ් මෙම නැගී එන අන්තවාදය පරාජය කිරීමට රටක් ලෙස කඩිනම් විසඳුම් සෙවිය යුතු බවද අවධාරණය කර තිබේ.
මෙම ප්රහාරය සමග එරට තුළ දැඩි සෝදිසි මෙහෙයුම් අරඹා ඇති අතර, පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගනිමින්, ආයුධ රැසක්ද සොයාගෙන තිබේ.
පාකිස්තානයේ ක්රියාත්මක තලේබාන් ත්රස්තයන් ලෙස සැලකෙන ජමාත් උල්-අහ්රාර් මෙම ප්රහාරයේ වගකීම භාරගනිමින් ක්රිස්තියානි ජනයාගේ පාස්කු ඉරිදාව ලෙයින් තෙත් කර තිබුණි.
මෙම ප්රහාරයෙන් පුද්ගලයන් 300කට අධික පිරිසක් තුවාල ලැබූ අතර, මියගිය හා තුවාල ලැබූවන්ගෙන් වැඩි පිරිස කාන්තාවන් හා දරුවන් වීමද අතිශය ම්ලේච්ඡ තත්ත්වයක් වූ බව විදෙස් වාර්තා පවසයි.