ඉන්දියාවේ මුම්බායි නුවරදී හිටපු පාකිස්තාන විදේශ අමාත්‍යවරයෙකුගේ ග්රන්ථයක් දොරට වඩින අවස්ථාවට සහභාගි වූ ඉන්දීය දේශපාලන ක්‍රියාධරයෙකුට තීන්ත ප්‍රහාරයකට ලක්වීමට සිදුව තිබේ.
දක්ෂිණාංශික හින්දු උද්ඝෝෂකයන් විසින් මෙම ප්‍රහාරය සිදුකර ඇති අතර, ෂිව සේනා පක්ෂය පවසන්නේ මෙය පාකිස්තානයට එරෙහි සාමකාමී විරෝධයක් බවයි.
කෙසේ වෙතත්, මින් අනතුරුව එම ස්ථානයේ ග්‍රන්ථය එළිදැක්වීම වලක්වමින් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණද, පසුව එය නොපවත්වා තිබුණු බව කියැවෙයි.
ෂිව සේනා පක්ෂය මහාරාශ්ට්ර ප්‍රාන්තයෙන් මධ්‍යම රජය සමග එක්ව සිටින පක්ෂය ලෙස සැලකෙන අතර, ඔවුන් 1966 දී මුස්ලිම්වරුන්ගේ ව්‍යාප්තියට එරෙහිව මෙම පක්ෂය බිහිකර ඇති බව බී.බී.සී.ය කියයි.