පාකිස්තානයේ හදිසියේ අති වී තිබෙන අධික උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති පිරිස 1,000 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම අධික උණුසුම විශේෂයෙන්ම එරට දකුණුදිග සින්ධා ප්රාන්තයට බලපා ඇති අතර, මේ තත්ත්වය හේතුවෙන් පළාතේ මෘතශරීරාගාරවල ඉඩකඩද සීමාව ඉක්මවා ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම අවාසනාවන්ත තත්ත්වය පාලනයට පාකිස්තාන රජය කඩිනම් පියවර නොගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙමින් පවතී.
පසුගිය අඟහරුවාදා වන විට පළාතේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 දක්වා ඉහළ ගොස් තිබුණි. එහිදී, කඩිනම් සහන සැලසීමට ජනපති නවාස් ෂරීෆ් උපදෙස් ලබාදී තිබුණු අතර, උණුසුමට ඔරොත්තු දෙන කූඩාරම් තැනීම සඳහා හමුදාවද යොදවා තිබුණි.