යූටියුබ් සමාජජාල අඩවිය තහනම් කර තිබූ පාකිස්තානය වසර තුනකට පසුව එම තහනම ඉවත් කර තිබේ.
ඉස්ලාම් දහමට නිගාදුන්නේ යැයි පවසමින් මෙම සමාජාජාල අඩවිය පාකිස්තානය තුළ අවහිර කර තැබීමට එරට රජය එකල පියවර ගත්තේය.
කෙසේ වෙතත්, යූටියුබ් ජාලය අයත් ගූගල් විසින් පාකිස්ථානය උදෙසාම වූ යූටියුබ් සංස්කරණයක් ඉදිරිපත් කර තිබීම හේතුවෙන් තවදුරටත් මෙය අවහිර කර තැබීමේ අවශ්‍යතාවක් නොමැති බව එරට විදුලිසංදේශ නියාමන ආයතනය පවසයි.
මෙම නව සංස්කරණයට අනුව එරට බලධාරීන්ට එහි වූ අන්තර්ගතය පෙරහනයකට ලක්කිරීමේ අවස්ථාව ලැබෙන බව විශ්වාස කෙරෙයි.
මෙම තහනම ඉවත්කිරීම සම්බන්ධයෙන් බොහෝ පාකිස්තාන තරුණයන් සතුට පළ කර තිබුණත්, ඇතැම් දැඩිමතධාරීන් ඊට විරෝධය දක්වා ඇති බවද පැවසෙයි.