පකිස්තානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් ගමන් කරමින් සිටි මෝටර් රථය ඇතුළු පරිවාර රථ පෙළ ගමන් ගත් මාර්ගය ඉලක්ක කළ බෝම්බයක් රථ පෙළ එම ස්ථානය පසුකර යාමෙන් මිනිත්තු ගණනකට පසු පුපුරා ගිය බව පකිස්තාන පොලිසිය කියයි.
පාකිස්තාන පොලීසිය පෙන්වා දෙන්නේ මෙය හිටපු ජනාධිපතිවරයා ඉලක්ක කර සිදු කළ පුපුරවා හැරීමක් බවය. කෙසේ වෙතත් බෝම්බය පිපිරීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැති බවද එරටින් වාර්තා වෙයි.
පපුවේ ඇති වූ වේදනාවක් හේතුවෙන් ජනවාරි මාසයේ සිට රෝහල් ගතව ප්‍රතිකාර ගනිමින් සිටි හිටපු ජනාධිපතිවරයා රාජද්‍රෝහී චෝදනා යටතේ ගොනුවී ඇති නඩුවට සහභාගි වීම සඳහා අධිකරණයට පැමිණෙමින් සිටියදී මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබේ.
ජනාධිපති ධුරය දැරූ කාලයේදී ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණ පහක් මූලික කරගනිමින් ඔහුට එරෙහිව රාජද්‍රෝහී චෝදනා එල්ල වූ අතර, අධිකරණය විසින් ඔහු වැරදිකරු බවට පත් කළේය.
70 වැනි වියෙහි පසුවන හිටපු ජනාධිපතිවරයා මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් පවසා සිටියේ මේ සියල්ල දේශපාලන පලිගැනීම් ලෙස එල්ල වන චෝදනාවන් බවය.