පාකිස්තානයේ වයඹදිග ප්‍රදේශයක විශ්වවිද්‍යාලයක් ඉලක්ක කරමින් පසුගියදා එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය ඇෆ්ගන් තලේබාන් සංවිධානය විසින් මෙහෙයවා ඇති බව අනාවරණය වී ඇත.
පාකිස්තාන හමුදා පවසන පරිදි මෙම ප්‍රහාරය සඳහා තලේබාන් සටන්කරුවන් හතර දෙනෙකු සම්බන්ධ වී ඇති අතර, ඔවුන් මෙහෙයවීම ඇෆ්ගනිස්තාන තලේබාන් සංවිධානය විසින් සිදුකර තිබේ.
විශ්වවිද්‍යාල සිසුන්, ආචාර්යවරුන් ඇතුළු 20කට වැඩි පිරිසකට මරු කැඳවූ මෙම ප්‍රහාරය පාකිස්තානයේ අධ්‍යාපන ආයතන වෙත එල්ල කෙරුණු නවතම ම්ලේච්ඡ ප්‍රහාරය ලෙස ඉතිහාසයට එක්විය.
මීට පෙරද එරට පාසල් හා අධ්‍යාපන ආයතන ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල වූ අතර, පාසල් ශිෂ්‍යාවක වූ මලාලා වෙත එල්ල කෙරුණු ප්‍රහාරයද ඒ හා බැඳේ.
බටහිර අධ්‍යාපනයට විරුද්ධව අන්තවාදී ඉස්ලාම් සංවිධාන මෙම ප්‍රහාර දියත් කරයි.