ගිණිකොණදිග පාකිස්තානයේ, ක්වෙට්ටා හි පෝලියෝ එන්නත් මධ්‍යස්ථානයක් අසල සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහරයකින් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ වැඩි දෙනා එම මධ්‍යස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් බව කියැවෙයි.
පසුගිය වසර කිහිපය පුරාම පෝලියෝ එන්නත් මධ්‍යස්ථාන වෙත ඉස්ලාම් අන්තවාදීන් එල්ල කළ ප්‍රහාර නිසා එකී මධ්‍යස්ථාන වෙත ඉහළ ආරක්ෂාවක් ලබාදී තිබුණි.
බටහිරින් පාකිස්තාන දරුවන් වන්ද්‍යකරණය කිරීම සඳහා ලබාදෙන එන්නතක් ලෙස අන්තවාදීන් විසින් මෙම පෝලියෝ එන්නත් කිරීම සලකයි.