පාකිස්තානය තුළ ලාදුරු රෝගය සම්පූර්ණයෙන් තුරන් කිරීම සඳහා සිය ජීවිතය කැපකළ, නැසීගිය ජර්මානු ජාතික වෛද්‍යවරිය සහ කන්‍යා සොයුරිය වෙනුවෙන් රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වා තිබේ.
වසර 50කට අධික කාලයක් පාකිස්තානය තුළ ජීවත්ව ඇති රූත් ෆෝව් නමැති ඇය රට පුරා ලාදුරු රෝග පාලන සෞඛ්‍ය මධ්‍යස්ථාන 150ක් බිහිකර තිබූ අතර, මේ නිසාම ඇය හැඳින්වූයේ පාකිස්තානයේ තේරේසා මවුතුමිය ලෙසිනි.
ඇයගේ මේ දැඩි උත්සාහය හේතුවෙන් වර්ෂ 1996 දී පාකිස්තානය සම්පූර්ණයෙන්ම පාහේ ලාදුරු රෝගයෙන් තුරන් වූ රාජ්‍යයක් වූයේ එම රෝගයේ මනා පාලනයක් ඇති කරමිනි.
වෛද්‍ය රූත්ගේ සෞඛ්‍ය මධ්‍යස්ථානයක සේවය කරන යස්මීන් මොරිස් පවසා සිටියේ ඇයගේ වියෝව මනුෂ්‍යත්වය වෙනුවෙන්ම බලවත් අහිමි වීමක් බවයි.
එමෙන්ම, වත්මන් ජනසමාජය තුළ එවැනි ගැහැණියක් සොයාගැනීම අතිශය දුෂ්කර කාර්යයක් බවද යස්මීන් පවසා තිබේ.