2021 වසරේදී පාකිස්තානය හා ඉරානය අතර වාර්ෂික වෙළෙඳාම ඇ.ඩො.බිලියන 5 දක්වා වැඩි කරන බව පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් මහතා පවසයි.
පාකිස්තානයේ සංචාරයක් වෙනුවෙන් දින දෙකක සංචාරයක් සඳහා පැමිණි ඉරාන නායක හස්සන් රොයුහානි මුණ ගැසීමෙන් පසුව පාකිස්තාන නායකයා මෙසේ පැවසීය.
පාකිස්තානයේ විදුලි බල අවශ්‍යතා සපිරීම සඳහා ඉරානයේ සහාය ලබාගැනීම මෙම ද්වීපාර්ශ්වික වෙළෙඳ සාකච්ඡාවේ මූලික අරමුණ වී තිබේ.
ඒ අනුව, පාකිස්තානය හා ඉරානය අතර අභ්‍යන්තර වෙළෙඳ පිවිසුම් මාර්ග වැඩි කිරීමත්, කර්මාන්ත හා කෘෂිකර්මික සහයෝගීතාව වර්ධනයත්, නිෂ්පාදනයන්හි ගුණාත්මක බව වැඩි කිරීමත් මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබේ.