තහීර් ඛද්රි නමැති ඉස්ලාමීය ආගමික නායකයෙකුගේ ආධාරකරුවන් හා පාකිස්තාන පොලීසිය අතර ලාහෝර් නගරයේ ඇතිවූ ගැටුමකින් පුද්ගලයන් 7 දෙනෙකු ජීව්තක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
ලාහෝර් නගරයේ ඔහුගේ කාර්යාලය ආසන්නයේ ආධාරකරුවන් ප්රකෝපකාරී ලෙස හැසිරෙන විට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්රහාර එල්ල කරමින්, සජීවී උණ්ඩ භාවිත කර වෙඩි තැබීමක්ද සිදුකර ඇති බව කියැවෙයි.
කෙසේ වෙතත් මියගිය අය අතර කාන්තාවන් දෙදෙනෙකුද සිටින බවත්, මේ වනවිට තත්ත්වය පාලනය කර ඇති බවත් බලධාරීහු පවසති.
ඛද්රි මේ වනවිට කැනඩාවේ ජීවත් වන අතර, ඔහු ලබන සතියේ පාකිස්තානයට පැමිණීමට සූදානමින් සිටින බව පවසන්නේ දූෂිත දේශපලඥයන්ට එරෙහිව ධර්ම යුද්ධයක් සිදුකරන බව පවසමිනි.
නමුත්, වැඩි දෙනාගේ මතය වන්නේ ඔහු දේශපාලන කයිවාරුකාරයෙකු පමණක් බවයි. දේශපාලනයට දැනෙන ටොක්කක් ඇනීමට තරම් හැකියාවක් ඔහුට නොමැති බව කියයි. නමුත්, ජනතාව ආගමේ නාමයෙන් කුපිත කිරීමේ හැකියාවක් ඔහු සතු බවද කියැවෙයි.