පාකිස්තාන අගමැති නවාස් ෂෙරීෆ් ලන්ඩනයේදී විවෘත හදවත් සැත්මකට මුහුණදීමට සූදානම් බව විදෙස් වාර්තා පවසයි.
එය අගමැතිවරයා වසර පහකට පසුව මුහුණදෙන දෙවැනි හදවත් සැත්කම බවද ඔහුගේ පවුලේ ආරංචි මාර්ග උපුටා දක්වමින් පවසයි.
2011 වසරේදී සිදුකළ හදවත් සැත්කම සම්පූර්ණ කිරීමේ සැත්කමක් ලෙස මෙම සැත්කම සිදුවන බව නවාස් ෂෙරීෆ්ගේ දියණිය වන මැරියැම් ෂෙරීෆ් පවසා තිබේ.
මෙම සැත්කමට මුහුණ දීම සඳහා ලන්ඩනය බලා පිටත්ව යෑමට පෙර පවා අගමැතිවරයා පාකිස්තානයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලූ බව අගමැති කාර්යාලය පවසයි.
ෂෙරීෆ් අගමැතිවරයා පසුගිය වසර පුරාම විවිධ අවස්ථාවල හදිසි ප්රතිකාර සඳහා විදෙස් ගත වූ බවද වාර්තා වෙයි.