IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට අවනත පුද්ගලයෙකු ප්‍රංශයේදී එරට පොලිස් කොමාන්ඩෝ භටයෙකු හා ඔහුගේ සහකාර නිලධාරිනිය ඝාතනය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
මොවුන් බේරාගැනීම සඳහා පොලීසිය එම නිවස වටලමින් ත්රස්තවාදියා ඝාතනය කරන විටත්, පොලිස් කොමාන්ඩෝ භටයා කපා කොට ඝාතනය කර තිබූ බව විදෙස් වාර්තා පවසයි.
මෙම ඝාතකයා පැරීසියට ආසන්න මැග්නවිල්ලේ පිහිටි මෙම පොලිස් නිලධාරියාගේ නිවසේදී ඔහුගේ සහකාර නිලධාරිනිය හා දරුවා ප්‍රාණ ඇපයේ තබාගෙන තිබුණි.
පසුව එම කාන්තාවද ජීවිතක්ෂයට පත්ව සිටියදී හමුවී ඇති අතර, දරුවා නිරුපද්‍රිතව බේරාගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබුණි.
ප්‍රංශ මාධ්‍ය පෙන්වාදෙන පරිදි මෙම ඝාතකයා පාකිස්තානයේ ජිහාඩ් සංවිධානයක් සමග සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් 2013 වසරේදී දඬුවම් ලැබූවෙකි.
නිල නොලත් ආරංචි මාර්ගවලට අනුව ඔහු 25 හැවිරිදි ලොරොස්සි අබ්බාලා ලෙස හඳුනාගෙන ඇත.
IS ඉස්ලාම් රාජ්‍ය පුවත් සේවයක් විසින් මෙය තම සංවිධානයේ ප්‍රහාරයක් ලෙසට වගකීම භාරගෙන තිබේ.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී පුද්ගල ජීවිත 130ක් බිලිගනිමින් පැරිස් නුවරට එල්ල වූ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව වාර්තා වූ මෙම ප්‍රහාරය එරට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබියදී ද එල්ල වූවකි.