ප්රංශයේ පාසලක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් පාසල් දරුවන් දෙදෙනෙකු හා ප්රධාන ආචාර්යවරයා තුවාල ලබා තිබුණි.
පසුව පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී මෙම වෙඩි තැබීම නව යොවුන් වියේ තරුණයෙකු විසින් සිදුකළ මුරණ්ඩු ක්රියාවක් ලෙස හඳුනාගෙන තිබුණි.
17 හැවිරිදි තරුණයා මෙම උසස් පාසලේදී එරට වේලාවෙන් දහවල් 12.40 ට පමණ විවෘත වෙඩි තැබීමක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකර තිබුණු අතර, මේ සමගම ඇති වූ උණුසුම් තත්ත්වය හා කලබලය හේතුවෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවද විදෙස් වාර්තා පවසයි.
සිද්ධිය සැලවීමත් සමග ප්රති-ත්රස්ත කමන්ඩෝ භටයන් පවා පාසල් භූමියට කැඳවා තිබූ අතර, රයිෆලයක්, පිස්තෝල දෙකක් සහ අත් බෝම්බ කිහිපයක් සමග සිටි මෙම තරුණයා ක්ෂණිකව අත්අඩංගුවට ගෙන තිබුණි.