ප්‍රංශයේ නව නායකයාට ලෝක නායක සුබපැතුම්
ප්‍රංශ ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකරගත් එමානුවෙල් මැක්රෝන් වෙත ලෝක රාජ්‍ය නායකයන්ගෙන් සුබපැතුම් ගලා පැමිණි බව විදෙස් වාර්තා පවසයි.
විශේෂයෙන්ම යුරෝපීය නායකයන් නව ජනාධිපතිවරයාට සුබ පැතීමට අමතක නොකළේ ඔහු යුරෝපා හවුලට පක්ෂපාතී ප්රතිපත්තියක සිටින තැනැත්තෙකු නිසාය. ඒ අනුව, ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් ප්‍රංශ ජනපතිට සුබ පතන්නට එක්වූවාය.
එමෙන්ම, යුරෝපා කොමිසමේ සභාපති ෂෝන් ක්ලෝඩ් ජුන්කර් සුබපැතුම් පළ කරමින් 'යුරෝපීය අනාගතයක් තෝරා ගනු ලැබීම' සම්බන්ධයෙන් සතුටට පත්වන බව කියා සිටියේය.
යුරෝපා කලාපයෙන් ඔබ්බට වත්මන් ලෝකයේ ප්රබලතම රාජ්‍යයන් ද්විත්වය ලෙස සැලකෙන ඇමෙරිකානු හා චීන නායකයන්ද ප්‍රංශයේ එදාමෙදා තුර බිහිවූ ළාබාලතම ජනාධිපතිවරයාට සුබ පතන්නට එක්විය.
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනපති ෂී ජින්පිං එසේ මැක්රෝන් වෙත සුබ පැතුම් එවද්දී, මේ ජයග්‍රහණයත් සමග ලොව පුරා කොටස් වෙළෙඳ පොළවල යම් ඉහළ යෑමක්ද වාර්තා වූ බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

