ප්‍රංශයේ නව ජනාධිපතිවරයා ලෙස තේරීපත් එමානුවෙන් මැක්රෝන් එරට අගමැතිවරයා ලෙස එඩ්වර්ඩ් ෆිලීප් තෝරාගෙන තිබේ.
46 හැවිරිදි ෆිලීප්, ජනාධිපතිවරයාගේ නව මධ්‍යස්ථ මතධාරී පක්ෂයේ සාමාජිකයෙකු නොවන බවත්, ඔහු මධ්‍ය දක්ෂිණාංශික රිපබ්ලිකන්වරයෙකු බව විදෙස් වාර්තා පවසයි.
මෙම තෝරාගැනීම එරට දේශපාලනයේ වාමාංශික හා දක්ෂිණාංශික යන දෙපාර්ශවයේම අවධානය ලබාගැනීමට සිදුකළ ක්‍රියාවක් බවද කියැවෙයි.
ජනාධිපති ධුරයේ කටයුතු අරඹා දිනකට පසුව අගමැතිවරයා තෝරාගත් මැක්රෝන්, බර්ලීන් නුවරදී ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් මුණ ගැසීමේ බලාපොරොත්තුවෙන්ද පසුවෙයි.
එඩ්වර්ඩ් නව අගමැතිවරයා ලෙස තෝරාගැනීම මැක්රෝන්ගේ පළමු වැනි ප්රමුඛ පෙළේ පත්වීම් පිරිනැමීම ලෙසද සැලකෙයි.
උතුරුදිග වරාය නගරයක් වූ ලේ හැවේරේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ එඩ්වර්ඩ් ෆිලීප් මෙවර ජනාධිපතිවරණයට තරග කළ ඒලියන් ජූපේගේ සමීපතමයෙකු ලෙසද සැලකෙයි.